අවුරුදු 10ක් පරණ බස් ගෙන්වීම ගැන යළි සිතන්න

412

සිලෝන් මෝටර් ට්‍රේරඩර්ස් සංගමය

බස් රථ සඳහා ආනයන සීමා ලිහිල් කිරීමෙන් වසර 10 ක් පැරණි බස්රථ ගෙන්වීමට ඉඩදීම සම්බන්ධයෙන් නැවත සිතා බලන්න යැයි දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථවාහන සංගමය වන සිලෝන් මෝටර් ටේ්‍රඩර්ස් සංගමය (CMTA) රජයෙන් ඉල්ලා සිටී.

මේ වනතෙක් අනුමැතිය ලබාදී තිබුණේ වසර 5 ක් පැරණි වාහන ගෙන්වීමට බවත් වසර 10 ක් පැරණි වාහන ගෙන්වීමට දීමෙන් නඩත්තු කිරීම හා වාහන අමතර කොටස් සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීමට සිදුව ඇති බවත් එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විරාන් ද සොයිසා මහතා පවසයි.

වසර 10ක් පැරණි බස්රථ අවම වශයෙන් කිලෝමීටර් ලක්‍ෂ 10 ක් දළ වශයෙන් ධාවනය කර ඇති බවට සිතිය හැකි බවත් එවැනි වාහන මෙරටට ගෙන්වා ධාවනය කිරීමට යෑමෙන් පරිසර ගැටලු ද මතුවිය හැකි බවත් ඒ මහතා කීය.

තවද පැරණි වාහන ආනයනය කිරීමෙන් වාහන ආනයනකරුවන් හෝ විකුණුම්කරුවන් අඩු මිලට ගෙන්වා ඉහළ මිලකට අලෙවි කර විශාල ලාභයක් ලැබිය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment