ප්‍රයිවට් බස් කෙරුවාවල් ගැන දිනකට පැමිණිලි 30 ක්

107

සැප්තැම්බර් 1 දා සිට ටිකට් අනිවාර්යයි
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

සැප්තැම්බර් 01 වැනිදා සිට පෞද්ගලික බස්රථවල ටිකට්පත් මගීන්ට නිකුත් කිරීම අනිවාර්ය බවත්, එලෙස ටිකට් පත් නිකුත් නොකරන බස්රථවල ගමන් වාර අත්හිටුවීමට පියවර ගන්නා බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.

බස්රථවල ටිකට් නොදීම සම්බන්ධයෙන් මගී ජනතාවගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබීම හේතුවෙන් සැප්තැම්බර් 01 වැනිදා සිට බස්රථවලින් ටිකට්පත් නිකුත් කිරීම අනිවාර්ය කළ බව ද හෙතෙම කීය.

මීට අමතරව ඉතිරි මුදල් ලබා නොදීම, මන්දගාමී ධාවනය, මගීන්ට පරුෂ වචනයෙන් බැණවැදීම, තරගකාරී අන්දමින් බස්රථ ධාවනය කිරීම, අනාරක්‍ෂිත අන්දමින් බස්රථ ධාවනය ඇතුළු තවත් වැරැදි සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 30 ක් පමණ ලැබෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment