මෛත්‍රී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කරන්න හදනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල

62

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කරන්න උත්සහ කිරීමට උත්සාහ කරන බැවින් වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක්. මේ සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීලා තිබෙනවා. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගත්තා නම් ඒ පිළිබඳ පොලිසිට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න තිබුණා. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීලි කළාට පසුව තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදීලා තිබෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල වැරැද්දක් සිදුකරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට චෝදනා ගණනාවක් තිබෙනවා. රටේ නීතිය අනුව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගත යුතුයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment