පෙබරවාරි 1 සිට ජංගම ගිණුමට, රථ වාහන සහ ඉඩම් ලියාපදිංචියට බදු අංකය අනිවාර්යයි – මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි

384

ලබන පෙබරවාරි 1 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී,ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විට,රථවාහන ලියාපදිංචියේදී හා බලපත්‍රයක් අලුත් කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මුදල් අමාත්‍යාංශය මගින් ඊයේ (02දා) නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

බදු අංකයක් ලබාගත් පමණින් යමෙකුට බදු ගෙවීමට බැඳීමක් නොවන බවත් වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව රුපියල් මිලියන 1.2 ට වඩා වැඩි ආදායමක් ලබන අවුරුදු 18ට වැඩි අය බදු ගෙවීමේ වගකීමට බැඳෙන බවත් එහි දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment