“හොරා අංකල්” මංගල දැක්ම ඉතාලියේදී…

301

හර්ෂණ වික්‍රමසිංහ කුළුඳුල් සිනමා වියමන ‘හොරා අංකල්’ ළමා චිත්‍රපටයේ ප්‍රථම දැක්ම, එළැඹෙන ජූනි 25 වැනි දින සවස 6.00 ඉතාලියේ, මිලානෝ නගරයේ සෙන්ට්‍රෝ ඇස්ටි්‍රයා සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුව ඉතාලියේ වෙනත් නගර ගණනාවකම ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.

‘හොරා අංකල්’ ත්‍රාසය, විනෝදය, කුතුහලය එක්කළ පවුලේ සැමට එක්ව නැරඹිය හැකි ළමා චිත්‍රපටයකි. මෙහි රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, අනුරුද්ධිකා පාදුක්කගේ, කුමාර තිරිමාදුර, ජනක කුඹුකගේ, උමයංගනා වික්‍රමසිංහ, සෙනුල්‍යා දන්තනාරායන, නෙත්ප්‍රිය මධුභාෂිත, දෙව්මි සතිස්කා ඇතුළු රංගන ශිල්පීන් එක්වන අතර නිහාල් පීරිස්ගේ තිර රචනයක් වූ ‘හොරා අංකල්’ දේශබන්දු සමන් ධර්මවංශ සමගින් ආචාර්ය සුමින්ද ලෝව් නිෂ්පාදනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment