ඉන්දියානු ණය ආධාර මත සහල් මෙට්‍රික්‌ ටොන් 50,000ක්

161

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික්‌ ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කරයි.

මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට ඊයේ (16 ) සවස අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදි තීරණය විය.

ඉදිරියේදී මතු විය හැකි සහල් හිඟය මග හරවා ගැනීමටත්, සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

ඉන්දියානු ණය ආධාර වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා, හිටපු අමාත්‍ය සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment