ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් :(SLICLL) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සමඟ ඇති බැංකු රක්‍ෂණ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් බැංකු රක්‍ෂණ මෙහෙයුම් සඳහාම වෙන්වු කවුළුවක් පසුගියදා කැලණිය ප්‍රාදේශීය සංවර්ධන බැංකු (RDB) ප්‍රධාන කාර්යාලයේදී විවෘත කරන ලදී. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවත් (RDB) සමඟ බාධාවකින් තොරව පාරිභෝගිකයාට රක්ෂණ විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් :(SLICLL) හි කැපවීම මෙම උපායමාර්ගික මුලපිරීම තුලින් අවධාරණය කරනු ලබයි.

මෙම සුවිශේෂී අවස්ථාව ට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි ආයතනික කළමනාකාරීත්වය සහභාගී විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලු‍ත්ගම මහතා, (SLICLL හි ප්‍රධාන නිලධාරී දයාරත්න පෙරේරා මහතා, (SLICLL හි සහකාර සාමාන්‍යාධිකාරී චමින්ද අතාවුද මහතා, (SLICLL හි සහකාර සාමාන්‍යාධිකාරී-අලෙවි සහ ආයතනික ව්‍යාපාර කසුන් සමීර මහතා, (SLICLL හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරු – බැංකු රක්ෂණ දිනූෂ ලියනපතිරණගේ මහතා, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි (RDB) සභාපති ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා, RDB හි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී පී. එස්. එදිරිසූරිය මහතා, RDB හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ණය – විශේෂ ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති සම්පාදනය බී. ජී. ඩබ්ලිව්. අතුල කුමාර මහතා, RDB හි සහකාර සාමාන්‍ය අධිකාරී – ණය පී. එස්.ටී. රණතුංග මහතා RDB හි ප්‍රධාන කළමනාකාරිනි – කල්බදු සහ පුද්ගල ණය අනෝජි සිරිසූරිය මෙනෙවිය සහ RDB හි බැංකු රක්‍ෂණ ඒකකයේ කළමණාකාර ලලිත් ලියනගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ සිදු කළ මෙම සහයෝගීතා ප්‍රයත්නයෙන් පිළිබිඹු වනුයේ කාර්යක්ෂම සේවා සහ පහසුව තුළින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට ආයතන දෙක සතු ඇති කැපවීම වන අතර ස්ථාපිත කළ විශේෂිත කවුන්ටරය තුලින් ඔවුන්ගේ වටිනා ගනුදෙනුකරුවන් සඳහා ක්‍රියාවලි විධිමත් කිරීම සහ විස්තීරණ රක්ෂණ විසඳුම් සඳහා කඩිනම් ප්‍රවේශය සහතික කිරීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment