කෝටි 11ක වාහන හා දේපල තහනම් කරයි

762


නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය රුපියල් ලක්ෂ 1,103ක් හෙවත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

තහනම් කළ දේපළ අතරට ලොරි රථයක්, වෑන් රථයක්, ත්‍රීරෝද දෙකක්, යතුරු පැදිය 9ක්, බැකෝ යන්ත්‍රයක් ,බහුදින ධීවර යාත්‍රා තුනක්,කෝටි පහකට අධික වටිනාකමින් යුත් ඉඩම් හා නිවාස කඩ කාමරයක්, ඉඩම් 7ක් ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment