ශී‍්‍ර ලංකා යොවුන් පිල අර්ධ අවසන් පූර්ව වටයට

525

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගියදා සමත්විය. එ් අනුව සත්කාරක කොදෙව් කණ්ඩායම සමගින් පැවැති තරගය කඩුලූ 3කින් ජය ගැනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායම එම වටයේදී ලබන 27 වැනිදා ඇෆ්ගනිස්තානය මුණ ගැසීමට නියමිතව තිබේ.

මූලික වටයේදී දැක්වූ දක්ෂතා අනුව ශී‍්‍ර ලංකාවට අමතරව එංගලන්තය, බංග්ලාදේශය, ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඔස්ටේ‍්‍රලියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. මූලික වටයේ ‘ඞී’ කාණ්ඩයෙන් තරග වැදුණු ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම එහිදී ස්කොට්ලන්තය, ඔස්ටේ‍්‍රලියාව සහ කොදෙව්වන් පරාජයට පත් කරමින් අපරාජිතව එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය.

ශී‍්‍ර ලංකාවට අමතරව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අතර එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්තානයත් අපරාජිත කණ්ඩායම් ලෙස මේ දක්වා තරගාවලියේ රැුඳී සිටීමට සමත්වී සිටී.

මේ අතර මූලික වටයෙන් ඉවත් වූ කණ්ඩායම් වෙනුවෙන් පැවැත්වෙන පලඟ ශූරතා වටය හෙට (25 වැනිදා) සිට කි‍්‍රයාත්මක වේ. එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය, උගන්ඩාව, අයර්ලන්තය, කැනඩාව, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, පැපුවා නිව් ගිනියා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරග වැදීමට නියමිතව තිබේ.

අවසන් පූර්ව වටයේ තරග කාල සටහන.

ජනවාරි 26 – එංගලන්තය සහ දකුණු අපි‍්‍රකාව

ජනවාරි 27 – ශී‍්‍ර ලංකාව සහ ඇෆ්ගනිස්තානය

ජනවාරි 28 – පාකිස්තානය සහ ඔස්ටේ‍්‍රලියාව

ජනවාරි 29 – ඉන්දියාව සහ බංග්ලාදේශය

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment