2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලෙහිදී Rapid adventures රනින් කිරුළු පළඳයි

74

ත්‍රාසජනක සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Rapid adventures ආයතනය, 2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (South Asian Travel Awards 2023) “ප්‍රමුඛතම ගමනාන්ත ප්‍රවර්ධක” Leading Destination promoter ලෙස රන් කිරුළු දැරීමට සමත් වුණ බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම සම්මාන ප්‍රදාන රාත්‍රිය ඔක්තෝබර් මස 10 වැනි දින ඉන්දියාවේ ෂෙරටන් ග්‍රෑන්ඩ් බැංගලෝර් උත්සව ශාලා පරිශ්‍රයේදී, දකුණු ආසියාවේ සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. Rapid adventures ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චතුරංග මදුරාවල මහතා සමග සඳුන් රාජිත මහතා යන අය ආයතනය නියෝජනය කරමින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වූහ. සම්මාන ලබා ගැනීමෙන් පසු චතුරංග මදුරාවල මහතා සිය කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ, 2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ රන් සම්මානයක් දිනාගැනීම ඔවුන් ලද මහත් ගෞරවයක් බවත්, මෙම ජයග්‍රහණය පිටුපස ඇත්තේ, රැපිඩ් ඇඩ්වෙන්චර්ස් කණ්ඩායමේ නොසැලෙන උත්සාහයත් කැපවීමත් බවත්ය.

2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලෙහිදී Rapid adventures රනින් කිරුළු පළඳයි
2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලෙහිදී Rapid adventures රනින් කිරුළු පළඳයි
2023 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලෙහිදී Rapid adventures රනින් කිරුළු පළඳයි
advertistmentadvertistment
advertistmentadvertistment