මධුෂ්ගේ ළගම ගෝලයා යකඩයා  කැලණිමුල්ලේදී කොටුවෙයි

188

මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූ මාකදුරේ මධුෂ්ගේ ප‍්‍රධානතම ගෝලයකු බව කියන යකඩයා මුල්ලේරියාව කැලණිමුල්ල ප‍්‍රදේශයේ සැ`ගවී සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 කොල්ලකෑම්, සමූහ ස්ත‍්‍රී ¥ෂණ, සොරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් යකඩයා නමැති මෙම අපරාධකරුට එරෙහිව චෝදනා

 රැුසක් එල්ලවී ඇති බව පොලිසිය පවසයි.

 මධුෂ්ගේ පියාගේ මරණයේ අවසන් කටයුතු භාරව ක‍්‍රියාකර ඇත්තේද යකඩයා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතදී මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව සිට ඇති බවද පොලිසිය පවසයි.

 මෙම සැකකරු මුල්ලේරියාව ප‍්‍රදේශයට පැමිණ සිටින බවට ලැබුණු තොරතුරක් මත මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක ඒ. සුසන්න මහතා ඇතුළු නිලධාරීන් කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

 හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment