නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට සිට

75

8 වැනි නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (28 වැනිදා) සිට ජනවාරි 6 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට ඕවල් ක්‍රීඩාංගණයේදීත් අවසන් මහා තරගය ජනවාරි 6 වැනිදා සිංහල ක්‍රීඩා සමාජයේදීත් (SSC) පැවැත්වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කණ්ඩායම් මෙවර තරගාවලිය සඳහා සහභාගී වේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සංවිධානය කරන දෙවැනි අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායම 2011, 2017 සහ 2019 තරගාවලිවල අනුශූරතාවය දිනා ඇත.

සියලුම තරග කොළඹ අවට ක්‍රීඩාංගනවල පැවැත්වෙයි.

‘ඒ’ කාණ්ඩය

ඉන්දියාව, ශ්‍රී ලංකාව ‘බී’, එංගලන්තය, පකිස්ථානය ‘බී’, බංග්ලාදේශය ‘බී’

‘බී’ කාණ්ඩය

ඉන්දියාව ‘බී’, පකිස්ථානය, බංග්ලාදේශය ‘බී’, පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායම, ශ්‍රී ලංකාව

advertistmentadvertistment
advertistmentadvertistment