අන්තිම කැමති පත්‍රයට අධිකරණ ඇමැති අකමැතිලු

312


අන්තිම කැමති පත්‍රය 5 දෙනෙකු අත්සන් කිරීමේ ක්‍රමවේදය ඉවත්කර නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අත්සන් කරන ක්‍රමවේදය හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යවරයා විසින් අද පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන ලදි.
අන්තිම කැමති පත්‍ර අඥාපනතක් බවත් එය ඉතාම පැරණි ආඥා පනතක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. අන්තිම කැමති පත්‍ර ලිවීමේ ක්‍රම දෙකක් ඇති බවත් ඉන් එක් ක්‍රමයක් වන්නේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා සහතික කරන අන්තිම කැමති පත්‍රය බවත් අනිත් ක්‍රමය වන්නේ නොතාරිස්වරයෙකුගේ සම්බන්ධතාවයක් නැතිව සාක්ෂිකරුවන් 5 දෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කරන අන්තිම කැමති පත්‍රය බවත් අධිකරණ ඇමැතිවරයා පැවසීය. වර්තමානයේ අධිකරණවලට පැමිණෙන නඩුවලින් විශාල සංඛ්‍යාවක් 5 දෙනෙක් අත්අසන් කරන අන්තිම කැමති පත්‍ර සම්බන්ධව බවත් බොහෝවිට ඒවා ලියා ඇත්තේ ඒ දේපළ හිමි තැනැත්තා මිය ගියාට පසු බවත් කීවේය.අත්සන් හොයලා බැලූ විට ඒ උදවියත් මැරිලා ජීවතුන් අතර නොමැති බවත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment