බස් ගාස්තු අඩු කරන්න සැලසුමක්

239


සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති කොවිඩ් සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.එසේ කළහොත් කොවිඩ් වසංගතය පැවති කාලසීමාවේදී ඉහළදැමූ බස් ගාස්තු ඉදිරියේදී යළිත් අඩු කළ හැකි බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
කොවිඩ් වසංගත සමයේදී ආසන ධාරිතාවයට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම ඇතුළු කොන්දේසි හේතුවෙන් බස් ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමක් සිදුකළ අතර පසුව ඉන් සියයට 10 අඩුකෙරිණි.
කෙසේවෙතත් ලංගම සහ පෞද්ගලික බස් රථ නියමිත ආසන ධාරිතාව ඉක්මවා මේ වනවිට මගීන් ප්‍රවාහනය කිරීම සිදුකරන බැවින් ඉතිරි සියයට 10ද බස් ගාස්තුවෙන් අඩුකළ යුතු බවට අදහස් පළවෙමින් තිබේ.
එසේ වුවහොත් දැනට පවතින අවම බස්ගාස්තුව වන රුපියල් 34.00ක මුදල රුපියල් 29.00 දක්වා අඩු කළ හැකි බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment