විකිරණ කාන්දුව: ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු රෝහල් අධ්‍යක්‍ෂගෙන් අද සාකච්ඡාවක් ඉල්ලති

196

කොළඹ ජාතික රෝහලේ සිදු වූ විකිරණශීලී කාන්දුවක් සම්බන්ධයෙන් එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් අද (18 දා) දින හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇත.

එම රෝහලේ මීමැස්මොර රෝගය සඳහා ප‍්‍රතිකාර ඒකකයේදී පසුගියදා (15 දා) පිළිකා මූලික අවස්ථාවේ හඳුනාගනු ලබන එෆ්ඞීජී නම් අධි විකිරණශීලී සමස්ථානිකයක් රැගෙන ඒමේදී සෞඛ්‍ය නිලධාරියකු අතින් හදිසියේම බිම වැටී එම විකිරණශීලී ද්‍රව්‍ය පැතිර ගොස් තිබේ.

ඉන්දියාවේ සිට ගුවන් මගින් ගෙන එනු ලබන අධික වටිනාකමක් සහිත මෙම විකිරණශීලී ද්‍රව්‍ය බිම වැටී සිදු වූ සිද්ධිය සම්බන්ධව සොයා බලා විකිරණශීලී පරීක්ෂාවක් සිදු කිරීමට පරමාණුක බලශක්ති අධිකාරියේ නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ද පැමිණ ඇත.

කෙසේ වෙතත් විවිධ බලපෑම් හේතුවෙන් මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ යටපත් කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ සමග සාකච්ඡා කිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍යවරයෙක් ‘දිවයින’ට කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment