මව සහ දියණිය අඹුකමට ගත් ශ්‍රමණ  වෙස් ගෙන සැඟව සිටි අයෙක් දැලේ

404

කෝන්තර පසුපස යෑම හේතුවෙන් සැමියා විසින් අත්හැරි බිරිඳක් අඹුකමට ගෙන තිබියදී එම කතගේ වයස 13ක දැරියත් අඹුකමට ගත් මන්ත්‍ර ගුරුකම් කළැයි කියන ආරණ්‍යවාසී ශ්‍රමණ වෙස් ගෙන සැඟවී සිටි අයකු විවිධ භාවනා මධ්‍යස්ථාන ආරණ්‍යවල සැඟව සිටියදී දුම්මලසූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත  බන්ධනාගාරගත කොට තිබිණ.

මොනරාගල පළාත් බද මහාධිකරණය මගින් එවැනි වරදකට වරෙන්තු පවා නිකුත් කර සිටි දිවයිනේ බොහෝ ආරණ්‍යවල භාවනානුයෝගීව පෙනී සිටි බව කියන පොලිසිය විසින් සොයාගත් හැඳුනුම්පත් 4ක පිළිමතලාව සිරිනන්ද, පානදුර ශ්‍රී සුමංගල, උපාලි ඒකනායක, සඳුන් සපුමල් තේනුවර යන නම්වලින් පෙනීසිටි අයකු එසේ රක්‍ෂිත බන්ධනාගාරගත විය. අත්අඩංගුවට පත්වන විටත් සැකකරුගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ දත්ත ගබඩාව අසභ්‍ය දර්ශනවලින් පුරවා තිබූ බවද සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය.

සැකකරු මුල් අවස්ථාවේ බී වාර්තාවක් මගින් ඉදිරිපත් කළ පොලිසිය දූෂණ සිදුවීම පිළිබඳ දීර්ඝ විස්තරයක් සිදුකළහ.

අත්අඩංගුවට ගන්නා විට තමන් රටේ ආරණ්‍යවාසී සිල්වත් සුවිශේෂී හිමිනමක් බවත් පොලිස්පතිට අමතන බවත් කියමින් අත්අඩංගුවට ගැනීමට බාධා කළ බවත් පරීක්‍ෂා කිරීමේදී හැඳුනුම්පත් කිහිපයක් හා හිස්වැස්මක් ආදී ගිහි ඇඳුම් කිහිපයක් මල්ලේ තිබී හමුවූ බවත් පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වීය.

කෙසේ වෙතත් දීර්ඝව ඉදිරිපත්ව තිබූ කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර ශ්‍රමණවේශධාරියා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි නියම කළේය.

දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන් සුරවීර, කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් ගංගා (3070) යන නිලධාරීන් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment