හර්ෂට කෝප් තනතුර දීමේ ක්‍රමය ගැන විපක්ෂනායකගේ කනගාටුව

441


පමා වී හෝ මුදල් කමිටුවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීම අගය කරන බවත් ඒ සඳහා ජනාධිපතිවරයා මැදිහත්වීම කණගාටුවට පත්ව බවත් -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා පත් කිරීම සම්බන්ධයෙන් සතුටු වන බවත් මීට පෙර පුන පුනා මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරද්දි විවිධ පාර්ශ්වයන්ගෙන් බාධා කිරීම් හා යම් යම් කුමන්ත්‍රණ සිදු වුවත් අවසානයේ සත්‍ය ජය ගත් බවත් විපක්ෂ නායකවරයා කීවේය.

මුදල් කමිටුවේ සභාපතිවරයා පත් කිරීම රටේ විධායක ජනාධිපතිවරයා ඇවිත් සිදු කළ යුතු ද යනුවෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල ඇත්ද කියා ගැටලුවක් ඇති නමුත් ජනාධිපතිවරයා පහුවෙලා හෝ එම පත්කිරීම සිදු කිරීම සම්බන්ධයෙන් සතුටු වන නමුත් එතුමාට එවැනි පත්කිරීමක් සඳහා මැදිහත්වීමට සිදුවීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නීතිරීති කඩකරමින් එම තනතුරට පත් කිරීම පමා කිරීමත් අනීතික ලෙස තාවකාලික සභාපතිවරු පත් කර ගෙන අණ පනත් ගෙන ඒමට අනුමැතිය ලබා දීම තරයේ හෙලා දකින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ අවස්ථාවේ කතානායකවරයාට මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට යුතුකමක් තිබූ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment