පාසල්වල සියලූ ශ්‍රේණි අද සිට ආරම්භ වේ

65

දිවයිනේ රජයේ සහ රජයේ අනුමත සියලූම පාසල්වල සියලූ ශ්‍රේණි අද (22දා) සිට ආරම්භ කෙරේ.

මීට පෙර පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වාද, ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණිද ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

එහෙත් පාසල්වල 06 සිට 09 දක්වා ශ්‍රේණි මෙතෙක් ආරම්භ කර නොතිබූ අතර අද (22දා) සිට එම පන්තිද ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව වැනි රෝග පවතීනම් එවැනි දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම මේ වනතෙක් දෙමාපියන් කොවිඞ් මර්දන එන්නත් ලබාගෙන නොමැති නම් හැකි ඉක්මනින් එම එන්නත් ලබාගන්නා ලෙසද ගුණවර්ධන මහතා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment