ඩෙංගු අධික රටවල් 30 අතර ශ්‍රී ලංකාවත්

94

ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතර ශ්‍රී ලංකාව ද සිටින බව ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයක සඳහන් කර තිබේ.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ද අයත් අග්නිදිග ආසියාතික කලාපයේ රටවල් 11 න් 10 කම ඩෙංගු වසංගතය එම රටවලට ආවේණික (එන්ඩමික්) තත්ත්වයක් බවට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව ද ඒ අතර වන බව පැවසේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතර ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය හා තායිලන්තය යන ආසියාතික රටවල් වේ.

වසර 2000 සිට 2019 දක්වා ගත වූ වසර 19 ක කාලය තුළ ලොව පුරා රටවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයේ සිට මිලියන 5.2 ක් දක්වා දස ගුණයක වැඩි වීමක් පෙන්නුම් කරන බවද එම සංවිධානය කියයි. 2019 වසර වන විට ලොව පුරා රටවල් 129 ක ඩෙංගු රෝගය පැතිර ගොස් තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment