නෙට්බොල් විනිසුරු එරංගට ඇගයීමක්

82

ශ්‍රී ලංකා නෙට්බෝල් විනිසුරු එරංග සිතාරට ලෝක නෙට්බෝල් සම්මේලනය මගින් ITID (International Talent Identified Umpire) තත්ත්වය පිරිනමා ඇති බව ලෝක නෙට්බෝල් සම්මේලනය නිවේදනය කර සිටී.

ලෝක නෙට්බෝල් සංගමය මගින් ලොව පුරා සිටින නෙට්බෝල් විනිසුරුවන් අතරින් ජාත්‍යන්තර විනිසුරු සම්මාන (International Umpire Award) තනතුර සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය කරන මූලික අඩිතාලම මෙම ITID (International Talent Identified Umpire) හරහා ලබා දෙනු ලබයි.

එරංග ආසියානු ‘ඒ’ ශ්‍රේණිය හිමි විනිසුරුවකු ද වන අතර ආසියානු ‘ඒ’ ශ්‍රේණිය හා ලෝක නෙට්බෝල් සම්මේලනය මගින් ITID තත්ත්වය ලබා ගත් පළමු හා දැනට සිටින එකම ශ්‍රී ලංකා විනිසුරු එරංග වෙයි.

ශිරන්ති ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment