සුනාමියෙන් මියයන 137කගේ අස්ථි කොටස් තවමත් කරාපිටිය වෛද්‍ය පීඨයේ – විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරා

94

සුනාමි ඛේදවාචකයෙන් මියගිය අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගලයින් 137 දෙනෙකුගේ මළ සිරුරුවල අස්ථි කොටස් වසර 19ක් තිස්සේ තවමත් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ තැන්පත් කොට ඇති බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.

එබැවින් මෙම මළ සිරුරුවල අස්ථි කොටස් පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා යොදා ගන්නා බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය. සුනාමි ඛේදවාචකය වී මාසයක් සහ මාස නමයක් අතර කාලය තුළදී තෙල් වත්ත සහ පැරැලිය යන ප්‍රදේශවල පිහිටි කඩොලාන සහ වගුරු බිම්වල තිබී මෙකී මළ සිරුරුවල කොටස් හමුවූ බවද හෙතෙම කීවේය.

මළ සිරුරු කොටස් සමග හමු වූ ඇතැම් පුද්ගලයින්ගේ ඇඳුම් පැළඳුම්, උපැස් යුවලවල්, ඉතා සුරක්ෂිතව තවමත් තිබෙන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය. සුනාමි ඛේදවාචකයෙන් පසු මුල් මාස කිහිපය තුළදී මෙම මළ සිරුර අස්ථි කොටස් මියගිය අයගේ ඥාතීන්ට හඳුනා ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනයට තබා තිබූ බවද එහෙත් මෙම මළ සිරුර කොටස්වල අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කිසිදු අයෙකුට නොහැකි වී වූ බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චිල හිනිදුම රවින්ද්‍ර චන්ද්‍ර ලාල්

advertistmentadvertistment
advertistmentadvertistment