කෆීර් පණගන්වන්න ඩොලර් ලක්ෂ 72 ක්

798

ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා රජය ඩොලර් හිඟයකට මුහුණ පා සිටියදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව කෆීර් යානා අලූත්වැඩියාව සඳහා ඩොලර් ලක්ෂ 72ක මුදලක් ඊශ‍්‍රායල් අයි. ඒ. අයි. සමාගමට ගෙවා ඇත.

ලංකා බැංකුවේ ඇති ගුවන් හමුදා ගිණුමෙන් මේ මුදල ගෙවා තිබේ.

වසර 30කට වඩා පැරණි මෙම යල් පැනගිය කෆීර් යානා අලූත්වැඩියාව සිදුවන්නේ කටුනායක කෆීර් අංගණයේය. ඒ සඳහා ගුවන් හමුදාවේ 167දෙනකු ඊශ‍්‍රායල් ජාතිකයෝ තිදෙනකු සහ කොළම්බියානුවෝ සිවුදෙනකු සහභාගි වෙති. මෙම අලූත්වැඩියා ගිවිසුමට මුළු මුදල ඩොලර් මිලියන 49ක් වන අතර ඉන් මුල් කොටස වූ ඩොලර් ලක්ෂ 72ක මුදල මෙලෙස ගෙවා තිබේ. ගුවන් හමුදා බලධාරීන් කෆීර් අලූත්වැඩියාවට අදාළ තොරතුරු වසන් කිරීමට දැඩි උත්සාහයක් ගෙන ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග පැවසීය. මෙලෙස ඩොලර් ලක්ෂ 72ක් ගෙවීමේ සිද්ධිය දේශපාලන පක්ෂවලට ද වසන් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment