උදුරාගත් උරුමය යළි අපට

225

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර රාජ්‍ය ත්‍රාන්තික සබඳතා ශක්තිමත් කරගැනීමේ ප්‍රයත්නයක් ලෙස ශත වර්ෂ දෙකකට පමණ පෙර මෙරටින් රැගෙන ගොස් නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks museum කෞතාගාරයෙහි තැන්පත් කර තිබූ සුවිශේෂී පෞරාණක වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ හයක් නැවත මෙරටට ගෙන එනු ලැබිණි.

මෙම පුරාවස්තු අතරට රන් හා රිදී කස්තාන දෙකක්, රන් පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාව සතුව පැවැති කාලතුවක්කුවක් ඇතුළත් වේ. 1765 වසරේදී කන්ද උඩරට රජ මාළිගය අල්ලා ගැනීමෙන් අනතුරුව, එහි තිබූ මෙම භාණ්ඩ ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම විසින් එරටට රැගෙන යන ලදී මෙම පුරාවස්තු 2023 දෙසැම්බර් 05 වන දින සිට කොළඹ ජාතික කෞතුකාගාරයේදී දැකබලා ගැනීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment