නිදහස් දින සැමරුම් හොකී ශූරතාව මාතලේ මාස්ටරිස් ක්‍රීඩා සමාජයට

30
ජයග්‍රාහී මාස්ටරීස් සමාජය ඡායාරූපයෙන් දැක්වේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති නිදහස් දින සැමරුම් අන්තර් සමාජ පිරිමි සය සාමාජික හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතලේ මාස්ටරිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

එකී අනු ශූරතාව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට හිමිවන අතර වාරයේදී තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට ගාල්ල ඇලෝසියස් සමාජය සමත් විය.

මාස්ටරීස් සහ කෝලට්ස් යන දෙපිල අතර පැවැති තීරණාත්මක අවසන් තරගය තියුණු මුහුණුවරක් ඉසිලීම කැපී පෙනිණි. එය ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් වීම හේතුවෙන් ජයග්‍රාහී පිල තෝරා ගැනීම සඳහා දඬුවම් විඳීම් උපයෝගි කර ගැනීමට සංවිධායකයන්ට සිදු විය. එහිදී එක්

ගෝලයක පරතරයක් ඇතිව 04 – 03 ක් ලෙස ජයග්‍රහණය කරමින් “නිදහස් සැමරුම් කුසලාන” මාතලේට රැගෙන යෑමට මාස්ටරීස් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙනුණි. ක්‍රීඩා සමාජ 22 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම තරගාවලිය මහනුවර දිස්ත්‍රික් හොකී සංගමය විසින් සංවිධානය කර තිබිණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment