රත්නපුර, කලවාන, ඇලපාත, කුරුවිට හා ඇහැලියගොඩ නාය යෑමේ අවදානමක් – ඉවුරු කඩා වැටීම් – නිවෙස්වල ඉරිතැලීම්

288

රත්නපුර, කලවාන, ඇලපාත, කුරුවිට හා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඊයේ 31 වනදා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇතැයි රත්නපුර ආපදා කළමනාකරණ කමිටුව පවසයි.

රත්නපුර, කලවාන, ඇලපාත, කුරුවිට හා ඇහැලියගොඩ නාය යෑමේ අවදානමක් - ඉවුරු කඩා වැටීම් - නිවෙස්වල ඉරිතැලීම්

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඒ සම්බන්ධ රතු නිවේදනය නිකුත් කර තිබේ. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එම කොට්ඨාසයේ නායයෑම් හඳුනාගත් ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහාම ඉවත් වෙන ලෙස ඊයේ 31 වැනිදා පස්වරුවේ නිවේදනය කර තිබේ. රත්නපුර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඉවුරු කඩා වැටීම්ද, නිවෙස් කිහිපයක ඉරිතැලීම් ගැනද වාර්තා වී ඇතැයි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

කහවත්ත – සමරවීර නිරෝෂණ
 

advertistmentadvertistment
advertistmentadvertistment