පේරාදෙණියේ පීඨාධිපතිට ආ කෝල් එක ගැන විමර්ශන

48

ලිපි ගොනු රැගෙන වහාම පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිට ලැබුණු දුරකථන පණිවුඩය පිළිබඳව පේරාදෙණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඔහුට මෙම දැනුම්දීම කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසින් බව ද පොලිසිය කියයි.

මෙම දුරකථන පණිවුඩය පිළිබඳව සැක පහළ කළ ඒ මහතා මේ බව පේරාදෙණිය පොලිසියට දැනුම්දී තිබේ.

ඒ අනුව සොයාබලද්දී මෙය කිසියම් පුද්ගලයකු විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම භාවිත කර දුන් දුරකථන පණිවුඩයක් බව හෙළිවී ඇත.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment