බෙලිඅත්තේ ඝාතනයට යොදාගත් වෑන් රථයත් යතුරුපැදියත් අල්ලයි

519

අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 05 දෙනකු බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් බවට සැක කරන තවත් වෑන් රථයක් සහ යතුරුපැදියක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම යතුරුපැදිය ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඔත්තුකරුවන්ගේ පරිහරණයට යොදාගත් එකක් වන අතර වෑන් රථය ඝාතකයන්ට ප්‍රහාරය එල්ල කර පලායෑමට සූදානම් කර තිබූ එකක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයන් 07 දෙනකු සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment