කාබුල් ගුවන් තොටුපළට අන්තවාදීන් එල්ල කළ රොකට්‌ ප්‍රහාර පහක්‌ වළක්‌වයි

186

තලිබාන් පාලනයට අකමැත්තෙන් රටින් පිටව යෑමට තැත් කරන ඇෆ්ගන් ජාතිකයන් රැඳී සිටින කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට දිගින් දිගටම නා`දුනන පිරිසක් විසින් ඊයේ (30දා* එල්ල කරන ලද රොකට් ප‍්‍රහාරයන් පහක් පමණ ගුවන්තොටුපළ වෙත ළඟා වීමට නොදී සිය මිසයිල වැළක්වීමේ පද්ධතිය මගින් වැළැක්වූ බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. කොපමණ ප‍්‍රහාරයන් එල්ල වුවද ඒවා

 ඇෆ්ගනිස්ථානයෙන් පිටව යන සෑම අයෙක්ම වෙනත් රටවලට ගෙන යෑමේ මෙහෙයුමට බාධාවක් නොවන බවද ඇමෙරිකාව විසින් නිවේදනය කර තිබේ.

 තවමත් මෙම රොකට් ප‍්‍රහාරයන් එල්ල කරන ලද්දේ කවුරුන්දැයි හඳුනාගෙන නොමැති අතර ඉදිරියේදී තවත් මෙවැනි ප‍්‍රහාරයන් එල්ල විය හැකි බව ඇමෙරිකාව පවසයි. මේ අතර පෙරේදා (29දා* දිනයේ අයිසිස් සංවිධානයට අයත් බවට සැක කෙරෙන මරාගෙන මැරෙන බෝම්බකරුවකු කාබුල් ගුවන්තොටුපළ වෙත පහර දීම සඳහා ගමන් කරමින් සිටි වාහනයක් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් සාමාන්‍ය ඇෆ්ගන් ජාතිකයන් නව දෙනකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීහු පවසති. ඇමෙරිකානු ආරක්ෂක හමුදාවන් විසින් එල්ල කරන ලද මෙම ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් මියගිය පිරිසට ළමුන් හය දෙනකුද අයත් වන බව වාර්තා වේ. ඊයේ සවස වන විටද කාබුල් ගුවන්තොටුපළෙන් කළු පැහැති දුමක් නැෙ`ගමින් තිබූ බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. ඇෆ්ගනිස්ථානයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමේ මෙහෙයුම් අද අවසන් වීමට නියමිතය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment