චීන සේද මාවත නේපාලයටත්

440

චීනය සිය සේද මාවත තීරය නේපාලය හරහා ද ඉදි කිරීමට පියවර ගෙන ඇත.ඉන්දියාවට උපාය මාර්ගිකව වැදගත් ප්‍රදේශයක් හරහා එය ඉදිකිරීම ගැන දේශපාලන අවධානයට ද යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.නේපාලය හරහා ඉදිකරන සේද මාවත තීරය ඔස්සේ අග්නිදිග සහ දකුණු ආසියානු රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම චීනයේ අරමුණු වී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා කරයි.චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙම තීරය ආරම්භ කර ඇත්තේ සේද මාවතේ 10 වැනි සංවත්සරය සැමරීම සඳහාය. චීනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නේපාලයේ විවිධ දේශපාලන පක්ෂ සහ සමාජ සංවිධාන වල සහාය ලබාගැනීමට පියවර ගෙන ඇත.ඒ සඳහා විවිධ ක්‍රියාකාරකම් වල නිරතව සිටී.එහිදී නේපාල ජනතාවට තාක්ෂණය කුසලතා පුහුණුව ලබාදීම, විදේශ අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම,ව්‍යවසාය සහ සංස්කෘතික ප්‍රදර්ශනය පැවැත්වීම සහ කලාපයේ සෙසු රටවල් සමග සුහදතාවය හුවමාරු කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මේ වනවිට නේපාලයට වැඩිම ණය ලබාදී ඇත්තේ චීනය විසිනි.2020 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 04 ණය ලබාදී ඇත. එය 2025 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද චීනය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment