විවාහ ප්‍රමාදය නිසා පීඩා විඳිනවාද?

92

ජ්‍යොතිෂයට අනුව ද කේන්ද්‍ර සටහනක් නිවැරදි පරීක්ෂා කර විවාහය කුමන කාලයේ සිදුවේද? විවාහයක් සිදු නොවේද? විවාහය ප්‍රමාද වේද? යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි අතර විවාහ ප්‍රමාදය පිළිබඳව ජ්‍යොතිෂයේ න්‍යායයන් රාශියක් දක්වා ඇත.

ඔබට හෝ ඔබගේ දරුවාට නිසි වයසට විවාහයක් සිදු නොවීම නිසා මානසිකව පීඩා විඳිනවාද? ඇත්තෙන්ම විවාහ ප්‍රමාදය අද සමාජයේ දැවෙන ප්‍රශ්නයක් වී ඇත. වර්තමාන සමාජයේ පවතින සංකීර්ණභාවය, එනම් රැකියාව, පවුලේ ආර්ථික තත්ත්වය අධ්‍යාපනය, නිවාස ආදී භෞතික සම්පත් විවාහ ප්‍රමාදය කෙරෙහි සෘජුවම බලපායි.

ජ්‍යොතිෂයට අනුව ද කේන්ද්‍ර සටහනක් නිවැරදි පරීක්ෂා කර විවාහය කුමන කාලයේ සිදුවේද? විවාහයක් සිදු නොවේද? විවාහය ප්‍රමාද වේද? යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි අතර විවාහ ප්‍රමාදය පිළිබඳව ජ්‍යොතිෂයේ න්‍යායයන් රාශියක් දක්වා ඇත. මේ අනුව උත්පත්ති කේන්ද්‍රයේ කර්මානුරූපී බලපෑම හා එම කර්මානුරූපි බලපෑම සමග සමගාමීව පවතින මහදශා හා අන්තර් දශාවල බලපෑම ද මීට හේතු වේ.

විශේෂයෙන් මෙහිදී 7 වැන්නේ ග්‍රහ පිහිටීම්, 7 වැන්නට වැටෙන ග්‍රහයන්ගේ දෘෂ්ටීන්, කුජගේ හා සිකුරුගේ පිහිටීම බලපාන අතර 7 වැන්නාධිපති, 8 වැන්නාධිපති, 11 වැන්නාධිපති, 2, 3 හා 5 වැන්නාධිපතීන් විවාහයට බලපාන්නා වූ අනෙකුත් ග්‍රහයන් වේ. මෙහිදී විවාහය ප්‍රමාද කිරීමට ශනිගේ හා කේතුගේ බලපෑම අයහපත් ලෙස යෙදෙන අතර ගුරුගේ බලපෑම නිසා ප්‍රමාද වී විවාහය සිදු වුවත් ඉතාම යහපත් විවාහයක් සිදු වේ. ඉහත විවාහයට බලපාන ස්ථාන අධිපතීන් ශනි, කේතු, ගුරු යන ග්‍රහයකු සමග සංයෝග වූ විට විවාහය ප්‍රමාද කරයි. නමුත් ග්‍රහයන් වර්ගයෙන් ප්‍රබලව පවතී නම් (විශේෂයෙන් රාශියෙන්, අංශකයෙන්, නැකතෙන්) විවාහය ප්‍රමාද නොකරයි. ඉහත සඳහන් කළ රාශියෙන්, අංශකයෙන්, නැකතෙන් දුර්වල වී ඇත්නම් විවාහය ප්‍රමාද කරන යෝග ක්‍රියාත්මක වේ.

පංච කාමයන් පිනවීමට ක්‍රියාත්මක වන ග්‍රහයන් වන සිකුරු හා කුජ යන ග්‍රහයන් ශනිගේ හා කේතුගේ සංයෝගවලට ලක්වීම දෘෂ්ටීන්වලට නතුවීම හා ළඟ ළඟ රාශිවල පිහිටීම චන්ද්‍රයාගෙන් 1, 4, 7, 10, 11 ස්ථාන තුළ සෙනසුරු සිටීම, ශනි 7 වැන්න දැකීම හා පිහිටීම හා කුජ දෝෂය හෙවත් භෞම දෝෂය ආදී යෝග පිහිටීම තුළින් ද විවාහය ප්‍රමාද කරයි. එසේම ඉහත කාරණා භාවනාරූපීව යෙදීම එනම්, රාශියට පමණක් සීමා නොවීම හේතු කරගෙන විවාහය ප්‍රමාද වේ. එසේම විවාහ යෝග ඇතත් ඒ සඳහා සුදුසු දශා නොලැබුණහොත් එහිදී ද විවාහය ප්‍රමාද වීම සිදු වේ.

මේ සියලු යෝගයන්, දශාවන් නිශ්චිත ආකාරයට, නිවැරදිව පරීක්ෂා කර අනාවැකි ප්‍රකාශ කළ හැකි අතර එමගින් විවාහය ප්‍රමාද වීමට හේතු සාධක වන ග්‍රහයන්ගේ බලපෑම අවම වන පරිදි පිළිවෙත්, ප්‍රතිකර්ම කිරීම හා දාන ධර්ම කටයුතු කිරීම මගින් විවාහ ප්‍රමාදය මඟ හරවා ගත හැකි වේ. තවද මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කරුණක් වන්නේ යම් කේන්ද්‍ර සටහනක විවාහය ඉක්මන් කරන හෝ ප්‍රමාද කරන යෝග කිහිපයක් එකවර යෙදී ඇති අවස්ථාවක ජ්‍යොතිෂවේදියා විසින් පලාඵල කථනය කළ යුතු ආකාරයයි. එවැනි අවස්ථාවක විවාහය ඉක්මන් කිරීම, ප්‍රමාද වීම හෝ විවාහය සිදු නොවීම සම්බන්ධයෙන් වැඩි බලයක් පවතින්නේ කුමන ග්‍රහ සංයෝගයේ ද, එසේ නම් එය ක්‍රියාත්මක වන්නේ කුමන මහ දශාවක කුමන අන්තර් දශාවක දැයි නිශ්චය වශයෙන් ගණනය කිරීමෙන් අනතුරුව නිගමනයකට පැමිණිය යුතු අතර, මෙම යෝග දුටු පමණින්ම නිගමනයකට එළැඹ අනාවැකි ප්‍රකාශ නොකළ යුතුය.

තවද විවාහ දෝෂ පවතින කේන්ද්‍රයක, විවාහය සඳහා කේන්දර ගැලපීමේදී මෙම කේන්ද්‍ර සටහන් ඉතාම සූක්ෂම ලෙස පරීක්ෂා කරවීම දෝෂ භංග වන විවිධ අවස්ථාවන් පිළිබඳව සැලකිලිමත් වී දෙදෙනාගේ කේන්ද්‍රවල ග්‍රහ ගැලපීම් ගැලපිය යුතු අතර පාප කේන්ද්‍රයක් දුටු පමණින් එය ඉවතට දැමීම ජ්‍යොතිෂවේදියකු විසින් නොකළ යුතුය.

විවාහ ප්‍රමාදය නිසා පීඩා විඳිනවාද?

විද්‍යාවේදී ජ්‍යොතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
0718544625/0718602525

advertistmentadvertistment
advertistmentadvertistment