සහල් නිෂ්පාදනයට දැවැන්ත දායකත්වයක් දිය හැකි කෝටි ගාණක් වටිනා ගල්ගමුව වී සංකීර්ණය වල්වදී

400

ශ්‍රී ලාංකීය ගොවියාගේ දැවැන්ත වත්කමක් වන ගල්ගමුව වී සංකීර්ණය වසර ගණනාවක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගනිමින් මේ වන විට විනාශයට යමින් පවතී. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ පාලන සමයේ 1970 වර්ෂයේ දී චීන අධාරයක් ලෙස මෙරටට ලැබී ඇති ගල්ගමුව වී සංකීර්ණය පරිශ්‍රය තුළ දී වී ඇටය සහල් ඇටයක් දක්වා පරිවර්ථනය කිරීමේ ක්‍රියාවලියට අදාල ගබඩා කර තබා ගැනීම, වී වේලීම සහ වී කෙටීම යනාදි සියලු පහසුකම් වලින් සමන්විතව වර්ෂ 1978 දක්වා සක්‍රීය මට්ටමේ තිබුණු ශ්‍රී ලංකාවේ දැවැන්තම සහල් නිෂ්පාදනය සිදු කළ ස්ථානය බවට එකළ එහි සේවය කළ සේවක මහතකු පැවැසුවේය.

සහල් නිෂ්පාදනයට දැවැන්ත දායකත්වයක් දිය හැකි කෝටි ගාණක් වටිනා ගල්ගමුව වී සංකීර්ණය වල්වදී

වී ගබඩා කිරීම සඳහා අඩි 30 කට වැඩි උසකින් යුත් සිලින්ඩරාකාරයේ දැවැන්ත ටැංකි 18 කින් යුත් මෙම වී සංකීර්ණ පරිශ්‍රය කුරුණෑගල දිස්ත්‍රික්කයේම ඇති වී ගබඩා කළද පිරිවිය නොහැකි බව ඔහු තව දුරටත් සඳහන් කළේය. වර්තමානයේ පෞද්ගලික මෝල් හිමියන් විසින් සිදු කරන සහල් මාෆියාව නිසා දිනෙන් දින සහල් මිල ඉහළ නගිමින් මහජනතාව දැඩි පීඩනයට පත් කරමින් සිටින අවස්ථාවක හෝ රජය සතු මෙම සම්පත් ප්‍රයෝජනයට නොගෙන ජනයාට සහනයක් සැලසීමට කටයුතු කිරීම පසෙක තබා පිට රටින් සහල් අපනයනය කිරීම හිස රදයට කොට්ටය මාරු කිරීමක් වැනි අණුවන ක්‍රියාවකි. මේ වන විට මෙම ස්ථානයේ එක් කොටසක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වේ. අනෙක් කොටස කැලය වැවී පාලුවට ගොස්ය. නගරයෙන් කිලෝ මීටර් 2 ක් පමණ දුරින් අතුරු පාරක ඇති මෙම ස්ථානය අනාරක්ෂිත පාලු ස්වාභාවයකින් යුක්ත නිසා කිසිසේත් අභ්‍යාසලාභීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකට උචිත වන්නක් නොවේ.

සහල් නිෂ්පාදනයට දැවැන්ත දායකත්වයක් දිය හැකි කෝටි ගාණක් වටිනා ගල්ගමුව වී සංකීර්ණය වල්වදී

එමෙන්ම කෝටි ගාණක වටිනාකමකින් යුත් මෙරට සහල් නිෂ්පාදනයට දැවැන්ත දායකත්වයක් ලබා දිය හැකි රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි මෙවන් ස්ථානයක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම මත්තල ගුවන් තොටුපොළෙහි වී ගබඩා කිරීමට නොදෙවෙනි තවත් එක් තකතීරු දේශපාලන තීන්දුවකි. විටින් විට මෙම ස්ථානය නිරීක්ෂණයට රජයේ විවිධ පාර්ශව පැමිණ යන බවත් ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු වටිනා බොහෝ සම්පත් මේ වන විටත් විවිධ කාර්යන්ට අවශ්‍ය බව පවසමින් රැගෙන ගොස් ඇති බවත් සංකීර්ණය අසල ප්‍රදේශවාසීහු කියති.

මෙරටේ කලින් කලට බලයට පත්වන දේශපාලකයන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන් මෙරට තුළ ඇති සම්පත් මෙලෙස විනාශ වී යාමට ඉඩ දී ජනතාව බලා සිටිය යුතු නැත. ජනතාව හෝ මේ සම්පත් කොල්ලයට විරුද්ධව එකාමෙන් පෙළ ගැසී මිල කළ නොහැකි රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගත හැකි සම්පත් රැක ගත යුතුය.

ගල්ගමුව – කුමා රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment