ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ ගෝල 1-0ක පරාජයක් ලබයි

134

ලබන වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවැනි සහ අවසන් තරගයේ මාලදිවයින හමුවේ ගෝල 1-0ක පරාජයකට මුහුණ දෙන්නට පෙරේදා (14 වෙනිදා) සිදු විය

 කෙසේ නමුත් තරගය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් හොඳ, සාපේක්ෂව ඉතාමත් වැඩිදියුණු වූ දස්කම් දක්නට ලැබීම අගය කළ කරුණක්.

 උස්බෙකිස්තානයෙ නමාන්ගන් හි පැවති මෙම තරගයේ වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට මාලදිවයින් ක්‍රීඩක හම්සා මොහොමඩ් 63 වැනි මිනිත්තුවේදී ගෝල ලබා ගත්තේය

 තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක උස්බෙකිස්තානය හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව ඉන්පසුව සහභාගි වූ දෙවැනි තරගයෙන් තායිලන්තය හමුවේ ගෝල 2-0ක් ලෙස පරාජයට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment