ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ඉන්දියාවෙන් 29 දෙනෙක් මාලදිවයිනෙන් 12 දෙනෙක්

101

2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් ඉන්දියාවේ පළමු පෙළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනකු 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගි කරවීමට ඉන්දියානු මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මෙහෙයවනු ලබන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ලබන 28 වෙනිදා සිට 30 වෙනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඊට සහභාගි වන ඉන්දියානු මලල ක්‍රීඩා කණ්ඩායම ලබන 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පෙරේදා (20දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

(ඉන්දියාවට අමතරව මාලදිවයිනේ ද ක්‍රීඩික ක්‍රීඩිකාවන් 12 දෙනකු ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිතය.

(ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මෙවර තරගාවලිය වැදගත් වන අතර මේ වනවිට 2023 ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ යුපුන් අබේකෝන් සහ මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම පමණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අනුව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වෙයි.

මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 756ක් සහභාගිවීමට අයැදුම්පත් යොමු කොට ඇත.

කැප්ෂන්

2023 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය සම්බන්ධව කොළඹ පැවති මාධ්‍ය හමුවේ දී මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා අදහස් දක්වමින්…
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment