පුතා කැපූ ගසට යටවී පියා මරුට

289

මොනරාගල පොලිස් වසමට අයත් දික්තලාව ප්‍රදේශයේදී ඉකුත් 12 වෙනිදා පුතා කපමින් සිටි ගසට යටවී පියා මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල, දික්තලාව නෙල්ලිකැළේ පාර පදිංචි කේ. එම්. ගුණවර්ධන (75) නමැති සිව්දරු පියෙකි. නිවස අසල තිබූ කොස් ගසක් ඔහුගේ පුතා විසින් කපමින් සිටියදී කඩාවැටුණු කොස් ගසේ අත්තක් පියාගේ හිස මත වැදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment