‘‘මග දෙපස වගාව’’ – රජයේ නව වැඩසටහනට අර්ථයක්…….

122

* වැටකෙයාව ගෝනුල්ල මාර්ගයේ සාර්ථක වගාවක්

මග දෙපස වගා කිරීමේ රජයේ නව වැඩසටහන අර්ථවත් කරමින් වැටකෙයාව ගෝනුල්ල මාර්ගය අසල පදිංචිකරුවකු වන රවීන්ද්‍ර රාජකරුණා මහතා ඉතා සාර්ථක එළවළු හා පලතුරු වගාවක් කර ඇති අතර තමන්ටම කියා ඉඩමක් නැති ඔහු මහ ම`ග දෙපස මීටර් 250 ක පමණ දුරක් කර ඇති මෙම ආදර්ශ වගාව කාගේත් පැසසුමට හා ප‍්‍රශංසාවට පාත‍්‍රවී තිබේ.

මේ සම්බන්ධව මාධ්‍යට අදහස් දැක්වූ රාජකරුණා මහතා, ‘‘වයඹ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා චමිතා සුභසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ මාකඳුර කෘෂිකර්ම උපදේශක ගයාන් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම වගා කටයුතු සඳහා අවශ්‍ය සියලූම උපදෙස් ලබාදෙමින් මාව දිරිගැන්වුවා. එළවළු හා පලතුරු මා වගාකර ඇති අතර රසායනික පොහොර යෙදීම සපුරා නතර කරන ලෙසත් කෘමි හානි සඳහා ද දේශීය ප‍්‍රතිකාර සාදා ගන්නා අන්දමත් මට කියා දුන්නා. දැන් මම හොඳ ආදායමක් ලබා ගන්නවා.’’

මේ සම්බන්ධ මාකඳුර කෘෂිකර්ම උපදේශක ගයාන් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ, ඉඩමක් නැති රවීන්ද්‍ර රාජකරුණා මහතා ම`ග දෙපස කර ඇති එළවළු වගාව ප‍්‍රදේශයටම ආදර්ශයක් බවයි. කෘෂි තාක්ෂණික සහයක මධුෂාණි කරුණාරත්න මෙනවිය ද මෙම වැඩසටහනට එක්වෙමින් තමාට පූර්ණ සහය ලබාදෙන බව ඔහු වැඩිදුරටත් කීය.

කිරිමැටියාන – ඇන්ටනි රෝස්

advertistmentadvertistment
advertistmentadvertistment