නව වසරේ අවසන් මාස හයේදී ආර්ථිකය හරි මාවතට

141

මෙම වසරේ (2023) අවසන් මාස හයේ සිට ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතට අවතීර්ණ වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව සමස්තයක් ලෙස 2023 වසරේදී මධ්‍යස්ථ මට්ටමකින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වී, ආර්ථිකය වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මග පාදමින් ලබන වසරේ (2024) සිට ආර්ථිකය වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද මහ බැංකුව පවසයි.

ආර්ථිකය පිළිබඳ විශ්වාසය යළි ගොඩනැංවීමට සහ මෙම තීරණාත්මක අවදියේදී එහි විභවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට රජය සහ අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ස්ථිර කැපවීම අත්‍යවශ්‍ය බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment