මද්දකට හසුවූ අඩි නවයක් දිග දැවැන්ත කොටියෙක් බේරා ගැනේ

663

දඩයම්කරුවෙකුගේ මද්දකට හසුවූ දැවැන්ත කොටියකු වනජීවී නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් බේරා ගැනීමට හැකිවූ බව හතරලියද්ද පොලිසියෙන් වාර්තා වෙයි.

මෙම කොටියා දිගින් අඩි නවයක් සහ බරින් කිලෝ ග්‍රෑම් එකසිය හැත්තෑවක් (170) පමණ වන බවත් මද්දකට හසුවූ විශාලම කොටියා බවත් වනජීවී නිලධාරීහු පැවසීය.

හතරලියද්ද පොලිස් බලප්‍රදේශයේ, නිකැතැන්න ග්‍රාම නිලධාරි වසමේ, අඹෝරුව, ආසන්න රක්ෂිතයේ කොටියකු මද්දකට හසුවී ඇති බවට හතරලියද්ද පොලිසියට ලද තොරතුරකට අනුව හතරලියද්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක, කැළුම් සෙනවිරත්න, රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. එම්. තල්වත්ත, උප පොලිස් පරීක්ෂක, කපිල රත්න, පොලිස් සැරයන වරුන් වන (32915), බණ්ඩාර සහ (3798), බණ්ඩාර යන නිලධාරිහු කඩිනමින් එම ස්ථානයට ගොස් එම කොටියාගේ ආරක්ෂාව තහවුරු කළ අතර ගම්පොළ වනජීවී නිලධාරින්හට දැනුම් දී ඇත. වහාම පැමිණි වනජීවී නිලධාරින් එම කොටියා නිර්වින්දනය කර, මද්දෙන් ගලවා ඉවත්කර, පරීක්ෂා කිරීමෙන් පසුව සත්වයාට බරපතළ හානියක් නොමැති බවත්, දැනට මධ්‍යම පළාත තුළින් මද්දකට හසුවූ දැවැන්තම කොටියා බවත් පැවසීය.

හතරලියද්ද – කිත්සිරි බණ්ඩාර සමරතුංග

advertistmentadvertistment
advertistmentadvertistment