මයිලෝ ශූරතාව දිනූ මලියදේව බාලිකාවෝ

78

පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු 30 වැනි සමස්ත ලංකා අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියේ දී වසර 13කට පසුව සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සමත් විය.මෙවර කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය වයස අවුරුදු 17න් පහළ සහ 13න් පහළ වයස් කාණ්ඩවල ශූරයන් වූ අතර කොළඹ මියුසියස් විද්‍යාලය හමුවේ එක් ලකුණක පරාජයක් ලබා අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ අනුශූරතාව දිනා ගත්හ.

දින තුනක් පුරාවට ක්‍රීඩිකාවන් පන්සීයකගේ පමණ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය විසින් පවත්වන ලද අතර නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම විසින් මෙවරත් පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ ය.

සමස්ත ශූරතාවය දිනු මලියදේව ක්‍රීඩිකාවෝ ඡායාරූපයේ දැක්වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment