බුදුදහමට අපහාස කළ දේවගැති ජෙරොම්ට එරෙහිව නීති පියවර ගන්නවා – ඇල්ලේ ගුණවංශ හිමි

184

බුදුන් වහන්සේට අපහාස කරමින් මෙරට ආගමික සංහිඳියාවට හානි වන ප්‍රකාශයක් කර ඇති දේවගැතිවරයකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැත්තාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව ධර්මායතනාධිපති, දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිවයින’ ට ඊයේ (16 දා) පැවසූහ.

මේ පුද්ගලයාගේ ප්‍රකාශය අපි සම්පූර්ණයෙන් හෙළා දකිනවා.

ජාති, කුල, ආගම් භේද ඇතිකිරීමට ප්‍රකාශ හෝ වෙනත් ක්‍රියාවක් සිදුකිරීමට කිසිවකුටවත් ඉඩනොතැබිය යුතු බවත්, මෙරට සියලු ජාතීන්ගේ සහජීවනය ලොවට පෙන්විය යුතු බවත් පැවසූ උන්වහන්සේ ඒ පිළිබඳව එම පුද්ගලයාට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළහ.

රට බෙදුනත් අපි නොබෙදී සිටීමයි වැදගත්. අද මේ බොහෝ කරුණු කාරණා පිටුපස දේශපාලකයා සිටිනවා. ඒ නිසා අපිට දේශපාලකයාගෙන් රට බේරා ගැනීමටත් සිදුව තිබෙනවා. මේ කාරණයේදී ජාතීන් අතර සහජීවනය අතිශය වැදගත් වෙනවා යැයි ද ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment