ඇත්ත හැංගූ කොස්තාපල් පොලිසියෙන් දොට්ට

94

ගම්පොල නව කුරුඳුවත්ත පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු රාජකාරියට බැඳීමේදී ඉදිරිපත් කර තිබූ ලිපි ලේඛනවලදී ඔහු අතින් සිදු වූ රිය අනතුරක් වසන් කිරීම නිසා සේවයෙන් පහකර ඇත.

මීට වසර 1 1/2කට කලින් ඔහු මෙසේ පොලිස් රාජකාරියට එකතු වී තිබිණි.

කලකට පෙර රත්නපුර ප්‍රදේශයේදී ඔහු අතින් රිය අනතුරක් සිදු වී වරදකරුවකු බවට පත් වී ඇති අතර මොහු ඒ බව සඟවා මෙසේ පොලිස් රාජකාරියට එක් වී තිබේ.

පොලිසියට බැඳුනු සෑම පොලිස් නිලධාරියකුගේම සුලමුල බුද්ධි අංශ නිලධාරීන් සොයා බලාගෙන යද්දි මොහු රිය අනතුරක් පිළිබඳව වරදකරුවකු වී නිතියේ රැහැනට කොටු වී සිටි අයකු බව අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු සැඟවීමට හේතුව පිළිබඳව පොලිසිය කළ කරුණු විමසීමකදී හෙතෙම පවසා ඇත්තේ රත්නපුරේ පොලිසියේ නිලධාරියකු තමාට ඒ සඳහා අනුබල දුන් බවය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment