දියවැඩියා පටියට ටෙන්ඩර් අන්ඩරයක්

232

නිසි ටෙන්ඩර් පටිපාටියට යටත්ව දියවැඩියා පරීක්‍ෂණ පටි හා මාපක තොගයක් මෙරටට ගෙනැවිත් තිබියදී රුපියල් කෝටි 38 ක් වැයකර ප්‍රමිතියෙන් තොර තවත් පටි හා මාපක තොගයක් ඉන්දියාවෙන් මිලදී ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශය යළිත් උත්සාහ ගන්නා බවට තොරතුරු හෙළි වී තිබේ.

ඉන්දියාවෙන් මිලදී ගන්නට යන දියවැඩියා පරීක්‍ෂණ පටි හා මාපක මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 38 ක් පමණ වැයවන අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට මීට පෙර ලැබී තිබුණු තොරතුරු මත එම මිලදී ගැනීම නවතා දමා තිබිණි.

මෙරටට අවශ්‍ය දියවැඩියා පරීක්‍ෂණ පටි ලක්‍ෂ දහයක් හා මාපක 5000 ක පමණ ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් තිබියදී වෛද්‍ය සැපයුම් අංශය ප්‍රමිතියෙන් තොර පටි හා මාපක තොගය ඉන්දියාවෙන් මිලදී ගන්නට යෑම පිළිබඳ සොයා බලන ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීහු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටිති.

ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි නැති සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර දියවැඩියා පරීක්‍ෂණ පටි හා මාපක මිලදී ගැනීම දූෂිත ගනුදෙනුවක් බවද ඔවුහු කියති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment