මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ කඨින පූජෝත්සවය

79

මුලතිව්, නයාරු, ගුරුකන්ද පුරාණ විහාරස්ථානයේ 2023 වර්ෂයේ කඨින පූජෝත්සවය, විහාරාධිපති පූජ්‍ය මිහිඳුපුර රතනදේවකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. 16 වන දින සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව, පුල්මුඩේ ශාන්ති විහාරයේ සහ අරිසිමලේ ආරණ්‍ය සංචිතයේ ගරුතර ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අතර, විහාරස්ථානයට නුදුරුව පිහිටි 10 වැනි සහ 12 වැනි යුද හුමදා සිංහ රෙජිමේන්තු කඳවුරේ සිට කඨින චීවරය වඩම්මවන ලදී. යුද හමුදා 591 වැනි බල සේනා මූලස්ථානයේ, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, විශේෂ කාර්ය බළකායේ, මුලතිව් සහ කෝකිලායි පොලිස් ස්ථානවල සේවය කරන සැදැහැවත් නිලධාරීන්ගේ සහ භට පිරිස්වල නොමසුරු කැපවීම සහ අනුග්‍රහයෙන් ද, ප්‍රදේශවාසී ව්‍යාපාරික මධුසංක මහතාගේ ආහාරපාන සංග්‍රහයෙන් ද, සීමිත ගිහි පිරිසකගේ සහභාගිත්වයෙන්, ඉමහත් බාධක සහ අපහසුතා මධ්‍යයේ වුව ද මෙම මහඟු පුණ්‍යෝත්සවය පවත්වන ලදී. ගාමිණී ලියනගේ

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ කඨින පූජෝත්සවය
මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ කඨින පූජෝත්සවය
advertistmentadvertistment
advertistmentadvertistment