මියගිය පොලිස් විරුවාගේ වීරත්වයට උසස්වීමක්

481

පලාගිය අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ජා ඇළ ප්‍රදේශයේ දී දියේ ගිලී මියගිය පොලිස් සැරයන් ක්‍රිෂ්ණමූර්තී පිරතාපන්ගේ (99033) අවසන් කටයුතු ඔහු පදිංචි ගම් ප්‍රදේශය වූ යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ දී 26 දා සවස සිදු කෙරුණි.

පොලිස් ආචාර පෙළපාලියක් හා පොලිස් ගෞරව මධ්‍යයේ සිදු වූ මෙම අවමංගල අවස්ථාවට බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඇතුළු තවත් ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් ම සහභාගී වූහ.

මෙහිදී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මියගිය පොලිස් සැරයන්වරයාගේ නිවසේ උදවිය සමග ඉතා සුහදව කතා බස් කරමින් පොලිස් සැරයන්වරයා අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී දක්වන ලද වීරත්වය පිළිබඳව කතාවක් ද කළේය.

මියයන අවස්ථාවේ දී පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ ඔහු සිය රාජකාරියේ දී දක්වන ලද වීරත්වය නිසා ම පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමක් ද සිදු කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment