මහව – ඕමන්ත දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය ඇරඹේ

39

මහව ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය අද ගල්ගමුව දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට ඉන්දියානු කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතාද සහභාගි වූවේය. එම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 91.27කි. මෙය ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. සීමාසහිත ඉර්කොන් ජාත්‍යන්තර සමාගම මෙහි කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන අතර ව්‍යාපෘතියෙන් ආවරණය වන සමස්ථ දුර ප්‍රමාණය කිලෝ මීටර් 128කි. මෙම ප්‍රතිසංස්කරණයෙන් පසුව කොළඹ සිට කන්කසන්තුරේ දක්වා පැය පහක කාලයකින් දුම්රිය ධාවනය කිරීමට හැකි වේ. එසේම බූඔය නමින් නව දුම්රිය ස්ථානයක් දුම්රිය පද්ධතියට එකතු වීමද සිදුවේ.

මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු එච්.එම්.ඒ.කේ.ඩබ්. බණ්ඩාර මහතා, ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඒ.එම්. අශෝක මහතාද සහභාගි වූහ.
යාපහුව – විජේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment