මිල්කෝ අකුරට වැඩ

206

මිල්කෝ සමාගමට අයත් කොළඹ, අඹේවෙල, දිගන හා පොළොන්නරුව කර්මාන්ත ශාලා හා ප්‍රාදේශීය අලෙවි මධ්‍යස්ථාන ඇතුළු අලෙවි සැල් ඊයේ (14 දා) සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් අරඹා ඇත.

මිල්කෝ සමාගමේ සේවකයන්ගේ නවතා තිබූ වැටුප 2024 මාර්තු මාසයේ වැටුප සමග හිඟ මුදල ගෙවීම් කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය මත වෘත්තිය සමිති වෙත 2024 ජනවාරි 19 දින ලිඛිතව දැනුම්දී තිබිණි. නමුත් මාර්තු 12 දා පවත්වනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව මාර්තු මස වැටුප සමග තවදුරටත් ගෙවීම් කිරීම අනුමත කර නොමැති බැවින් පෙරේදා (13 දා) සිට කම්කරු ආරවුලක් බවට පත්වීම නිසා සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇත.

මේ පිළිබඳ වෘත්තිය සමිති කොළඹ, මිල්කෝ සමාගම ඉදිරිපිට දී මාධ්‍ය වෙත කරුණු දැක්වූ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති සුමිත් අත්තනායක මහතා මාධ්‍ය ඇමතූ අයුරු.

ජාතික සේවක සංගමයේ ලේකම් තුෂාර කැලුම්, පොදුජන පෙරමුණේ ප්‍රගතිශිලි සේවක සංගමයේ ලේකම් බණ්ඩාර රඹුක්වැල්ල, ස්වාධීන සේවක සංගමයේ සභාපති අජිත් අත්තනායක යන මහත්වරුද වෙති.

ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment