බිලියන 1550.6 ක වාර්තා ගත බදු ආදායමක්

50

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම 2023 වර්ෂයේදී රැස් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්වී ඇත. එහි වටිනාකම රුපියල් බිලියන 1550.6 ක් වන අතර එය 2023 වර්ෂය සඳහා ලබාදී තිබුණු ඇස්තමේන්තුගත ආදායමෙන් 104% ක් වේ.

2022 වර්ෂයට සාපේක්‍ෂව සංස්ථාපිත සහ සංස්ථාපිත නොවන ආදායම් බදු රැස් කිරීම 25% කින්ද, එකතු කළ අගය මත බදු ආදායම රැස් කිරීම 59% කින්ද, පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද රැස් කිරීම 473% කින්ද, අත්තිකාරම් ආදායම් බදු රැස් කිරීම 684% කින්ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.

2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද අභියෝගාත්මක බදු ප්‍රතිසංස්කරණ, ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවතීම හා බදු ගෙවන්නන්ගේ අනුකූලතාව වර්ධනය වීම මෙම බදු ආදායම ඉහළ යෑමට හේතුවී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment