දින 12ට ඩෙංගු රෝගීහු 4231ක්

28

මෙම වසරේ (2024) ගතවූ දින 12 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් හාරදහස් දෙසීය තිස්එක් දෙනකු (4231) වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව එක්දහස් හාරසිය හැටඅටක් (1468) බව එම ඒකකය කියයි.

මීට අමතරව මධ්‍යම පළාතෙන් ඩෙංගු රෝගීන් 341 දෙනකු ද, උතුරු පළාතෙන් රෝගීන් 990 දෙනකු ද වාර්තා වන බව ද එම ඒකකය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment