නාමයෝජනා ගත් පසුත් ඡන්දය කල්දැමිය හැකියි – හිටපු මැ. කො. මහින්ද දේශප්‍රිය

235

නාමයෝජනා කැඳවීමෙන් පසු වුව ද මැතිවරණය කල්දැමීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය.

එලෙස කල්දැමිය හැක්කේ මැතිවරණ කොමිෂන් සභාවට, නිසි බලය සහිත අධිකරණයකින් හා පාර්ලිමේන්තුවට පමණක් බව ද ඒ මහතා කියා සිටියේය.

ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විශේෂිත තත්ත්වයක් උදා වුවහොත් මැතිවරණ පනතේ 38/3 වගන්තිය යටතේ මැතිවරණය කල්දැමීමට කොමිසමට බලය තිබෙන බව දේශප්‍රිය මහතා කීය.

එමෙන්ම නිසි බලය සහිත අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට හා පාර්ලිමේන්තුවට මැතිවරණය කල්තැබීමේ තීරණයක් ගත හැකි බව ද සඳහන් කළේය.

38/3 වගන්තිය අනුව කොවිඩ් සමයේදී එවකට පැවැති කොමිසම මැතිවරණයක් කල්දැමූ බව ද ඒ මහතා සඳහන් කළේය.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment