ගුවන් නියමුවෝ ඩොලර්ම ඉල්ලති

930

තමන්ට ඩොලර්වලින් කරන සියලූ ගෙවීම් සඳහා වත්මන් විනිමය අනුපාතයට අනුව ඩොලරයකට රුපියල් දෙසිය පනහක් වන සේ ගෙවන ලෙස ගුවන් නියමුවන් ඉල්ලන්නට පටන්ගෙන ඇතැයි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටී.

ගුවන් මෙහෙයුමකට විදෙස්ගත වන ගුවන් නියමුවකුට තුන්වේල සඳහා මෙන්ම හෝටල්වල නැවතී සිටීමට ලබාදෙන ඩොලර් ප‍්‍රමාණය වැඩි කරන ලෙස මේ වන විට ඉල්ලීමක් කර ඇතැයි ශ‍්‍රී ලංකා ගුවන් නියමු සංගමයේ සාමාජිකයෙක් ‘දිවයින’ට පැවසීය.

මීට අමතරව හදිසි අවශ්‍යතා මත සේවයට කැඳවන ගුවන් නියමුවෙක් වෙත ඕෆ්ඬේ සඳහා මුදල් ගෙවීමේදී ඒ මුදලද ඩොලර් වලින් ලබාදෙන මුත් විනිමය අනුපාත වෙනස්වීම නිසා දැනට ලැබෙන මුදල ප‍්‍රමාණවත් නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට ගුවන් නියමුවන්ට ඩොලරයක් සඳහා රුපියල් 188 ක අනුපාතය මත ගෙවීම් සිදුකරන බවත් ඒ නිසා විශාල මුදල් ප‍්‍රමාණයක් තමුන්ට අහිමිව ඇති බවත් සංගමය අදාළ සමාගමට දැනුම් දී ඇත. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ගුවන් නියමුවන් 180 ක් පමණ සිටින බව ද හෙතෙම කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment