කෝවිලේ බැලූනය නිවසක් අළු කරයි

1590

යාපනය වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවිලේ පූජාවක් අතරතුරදී ඉකුත් 6දා ගුවන්ගත කරන ලද බැලූනයක් ගිනි ගෙන දැවී නිවසක් මතට කඩා වැටීම නිසා එම නිවස ගිනිගෙන විනාශ වී තිබේ.

එම බැලූනය ගුවනට යවා විනාඩි තිහකට පමණ පසුව ගිනි ගෙන වැටී ඇත්තේ යාපනයේ පේදුරුතුඩුව තුඹලෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක වහලය මතටය. ඒ හේතුවෙන් නිවසේ වහලය ගිනි ගැනීමෙන් පසුව නිවසටද ගිනි ඇවිලී නිවස විනාශ වී ගොස් තිබේ.

බැලූනය යවන ලද අවස්ථාවේ කෝවිල තුළ දෙදහසක් පමණ බැතිමතුන් සිට ඇති අතර ඔවුන් බැලූනය කඩා වැටෙනු දැකීමෙන් පසුව එම ප්‍රදේශයට ගොස් ඇතත් ඒ වන විට බැලූනය කඩා වැටුණු නිවසේ වහලයට ගිනි ඇවිලී නිවසද ගිනිගෙන තිබුණු බව කෝවිලේ භාරකරුවන් පොලිසියට ප්‍රකාශ කොට තිබේ. වැල්වෙටිතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment